දුම්රිය ධාවනය යථාතත්ත්වයට
Monday, 20 January 2025 - 11:01 | Views - 445
අද (20) දිනයේ සිට කාර්යාල දුම්රිය ඇතුළු සියලු දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පසුගිය දින තුනේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුණේ, රියැදුරන් කාර්යක්ෂමතා විභාගයට මුහුණ දීම හේතුවෙන් බවද සඳහන් වුණා.
එසේම, එම දිනවල ප්‍රධාන දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනයට පියවර ගත් නමුත්, කෙටි දුර ධාවන දුම්රිය ඇතුළු දුම්රිය රැසක ගමන්වාර අවලංගු කිරීමට සිදුවුණා.
Share This Article