සහන ප්‍රායෝගික නෑ - ව්‍යවසායකයින්ගෙන් චෝදනා
Saturday, 18 January 2025 - 15:38 | Views - 545

ණය ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුණදී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම සඳහා රජය විසින් ලබා දෙන බව කියන සහන පැකේජය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ මාධ්‍ය ලේකම් සුසන්ත ලියනආරච්චි පවසනවා.
ඔහු කියා සිටියේ මෙවැන්නක් ක්‍රියාත්මක කිරීමට බැංකු එකඟතාවය පළ නොකරන බවයි.
මීට අදාළව මේ වන විටත් මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු වෙත චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති බවද සදහන්.
මෙම සහන හිමිවන්නේ බලපත්‍රලාභී බැංකුවකින් 2019 වසරේ අප්‍රේල් 01 වැනිදා හෝ ඉන් පසුව අදියර 3, එනම් අක්‍රිය ණය කාණ්ඩය යටතේ වර්ගීකරණය කර ඇති ණය පහසුකමක් ලබාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙතයි.
අවශ්‍ය සියලුම ලියකියවිලි සමඟ ලබන මාර්තු 31 වැනිදා හෝ ඊට පෙර අදාළ සහන බැංකු ඒකකය සමග සාකච්ඡා ආරම්භ කරන්නේ නම්, එම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් යෝජිත සහන පැකේජය සඳහා ඇතුළත් වීමට සුදුසුකම් ලබනවා.
එසේම, මෙහිදි ණය ආපසු ගෙවීමේ හැකියාව සහ පිළිගත හැකි ව්‍යාපාර යළි පණගැන්වීමේ සැළැස්මක් ඉදිරිපත් කිරීමද අවශ්‍යවනු ඇති.
ණය ප්‍රතිලේඛණගත කිරීමේ ගිවිසුම්වලට එළඹීම සදහාද දින ප්‍රකාශයට පත් කර ඇති අතර, ලබන වසරේ අවස්ථා 03කදී ණය වර්ගීකරණයන් අනුව ආපසු ගෙවීම් ආරම්භ කළ යුතුයි.
රුපියල් මිලියන 25ට අඩු, මිලියන 25ත් 50ත් අතර සහ මිලියන 50ට වැඩි ණය ගනුදෙනුකරුවන්ට ගෙවිම් ආපසු ආරම්භ කළ යුතු දිනද වෙන් වෙන්ව සදහන් කර තිබෙනවා.
මීට අදාළව පොලිය නිදහස් කළ යුතු ආකාරයද මහ බැංකුව දැනුම් දී ඇති අතර, ඒ අනුව එය මාස 06ක්, මාස 12ක් සහ මාස 12කට වැඩි හැටට අඩු කාලයක් යන කොටස් 03 යටතේ ක්‍රියාත්මකයි.
මේ අතර, මෙම වසර සදහා වන ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආරම්භ කෙරුණා.
ඒ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදීයි.
ඩිජිටල්කරණය තුළින් තිරසාර සහ මූල්‍ය අන්තර්ගතභාවය සහිත ආර්ථික වර්ධනයක් ලබා කරගැනීම සදහා වූ උපාය මාර්ග සැළැස්මට අනුව මෙම වැඩසටහන දියත් වනවා.
Share This Article