සහන ප්‍රායෝගික නෑ - ව්‍යවසායකයින්ගෙන් චෝදනා
Saturday, 18 January 2025 - 15:38 | Views - 546
ණය ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුණදී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම සඳහා රජය විසින් ලබා දෙන බව කියන සහන පැකේජය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ මාධ්‍ය ලේකම් සුසන්ත ලියනආරච්චි පවසනවා.

ඔහු කියා සිටියේ මෙවැන්නක් ක්‍රියාත්මක කිරීමට බැංකු එකඟතාවය පළ නොකරන බවයි.

මීට අදාළව මේ වන විටත් මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු වෙත චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති බවද සදහන්.

මෙම සහන හිමිවන්නේ බලපත්‍රලාභී බැංකුවකින් 2019 වසරේ අප්‍රේල් 01 වැනිදා හෝ ඉන් පසුව අදියර 3, එනම් අක්‍රිය ණය කාණ්ඩය යටතේ වර්ගීකරණය කර ඇති ණය පහසුකමක් ලබාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙතයි.

අවශ්‍ය සියලු‍ම ලියකියවිලි සමඟ ලබන මාර්තු 31 වැනිදා හෝ ඊට පෙර අදාළ සහන බැංකු ඒකකය සමග සාකච්ඡා ආරම්භ කරන්නේ නම්, එම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් යෝජිත සහන පැකේජය සඳහා ඇතුළත් වීමට සුදුසුකම් ලබනවා.

එසේම, මෙහිදි ණය ආපසු ගෙවීමේ හැකියාව සහ පිළිගත හැකි ව්‍යාපාර යළි පණගැන්වීමේ සැළැස්මක් ඉදිරිපත් කිරීමද අවශ්‍යවනු ඇති.

ණය ප්‍රතිලේඛණගත කිරීමේ ගිවිසුම්වලට එළඹීම සදහාද දින ප්‍රකාශයට පත් කර ඇති අතර, ලබන වසරේ අවස්ථා 03කදී ණය වර්ගීකරණයන් අනුව ආපසු ගෙවීම් ආරම්භ කළ යුතුයි.

රුපියල් මිලියන 25ට අඩු, මිලියන 25ත් 50ත් අතර සහ මිලියන 50ට වැඩි ණය ගනුදෙනුකරුවන්ට ගෙවිම් ආපසු ආරම්භ කළ යුතු දිනද වෙන් වෙන්ව සදහන් කර තිබෙනවා.

මීට අදාළව පොලිය නිදහස් කළ යුතු ආකාරයද මහ බැංකුව දැනුම් දී ඇති අතර, ඒ අනුව එය මාස 06ක්, මාස 12ක් සහ මාස 12කට වැඩි හැටට අඩු කාලයක් යන කොටස් 03 යටතේ ක්‍රියාත්මකයි.

මේ අතර, මෙම වසර සදහා වන ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආරම්භ කෙරුණා.

ඒ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදීයි.

ඩිජිටල්කරණය තුළින් තිරසාර සහ මූල්‍ය අන්තර්ගතභාවය සහිත ආර්ථික වර්ධනයක් ලබා කරගැනීම සදහා වූ උපාය මාර්ග සැළැස්මට අනුව මෙම වැඩසටහන දියත් වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top