ශ්‍රී ලංකාවේ පළමු සජීවි ගායන රියැලිටි අත්දැකීමේ සිව්වැනි විප්ලවයේ රජ දැක්ම අදයි !
Saturday, 18 January 2025 - 7:59 | Views - 389
මෙරට ටෙලිවිෂන් රියැලිටිකරණය ජාත්‍යන්තර ප්‍රමිතිය දක්වා ඔසවා තැබූ HIRU STAR සිව්වැනි විප්ලවයේ අවසන් මහා සංග්‍රාමයේ වින්දනාත්මක උණුසුම ඔබට සමීප කරවීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව අද (18) පස්වරු 6.00 සිට සජීව ලෙසින් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අවසන් මහා තරගය උත්කර්ෂයට නැංවෙන්නේ මිලියන සංඛ්‍යාත ජනතාවගේ පරමාධිපත්‍යයේ තීරණය අභිෂේක ගන්වමින්.

ගම්පහ නේසර සෙනෙවිරත්න, දංකොටුවේ ශිවන්ත ආශ්, මහනුවර අශාන් කපුගෙදර, අනුරාධපුරයේ චමෝද් කවිෂ්ක මෙවර අවසන් කිරුළේ හිමිකාරිත්වය වෙනුවෙන් තරග වදිනවා.

ශ්‍රී ලාංකීය මාධ්‍ය වංශ කථාවේ ස්වර්ණමය පරිච්ඡේදයේ හිමිකරුවා වූ හිරු TV, මෙරට ටෙලිවිෂනය ජාත්‍යන්තර ප්‍රමිතියට ඔසවා තබමින් රියැලිටිකරණයේද ප්‍රමුඛයා ලෙස අභිෂේක ලැබුවේ අතිසාර්ථක හිරු ස්ටාර් සජීවි ගායන රියැලිටි අත්දැකීමේ මනරම් නිමැවුම්කරුවා බවට ද පත්වෙමින්.

ඒ අනුව හිරු ස්ටාර් මෙවර සනිටුහන් කරන්නේ ශ්‍රී ලංකාවේ පළමු සජීවි ගායන රියැලිටි අත්දැකීමේ සිව්වැනි විප්ලවයේ රජ දැක්මයි.

මහ පොළොවේ ජීවිත අහස උසට ඔසවා තබන හිරු ස්ටාර් සංකල්පය 2018 වසරේදී මෙරට සියලු රියැලිටි වැඩසටහන් අතික්‍රමණය කරමින් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයාට සමීප කළේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ නිර්මාණාත්මක සංකල්පයක් මතයි.

මෙම නවමු රියැලිටි අත්දැකීමේ කුතුහලය ද සමගින් දිවයිනේ නන්දෙසින් හිරු ස්ටාර් වෙත තරගකරුවන් මෙන්ම ප්‍රේක්ෂකයින්ද ඇදී එද්දී, හිරු ස්ටාර් අතිශය ප්‍රථම අදියරේ ජයග්‍රහණය හිමිකරගැනීමට මංගල ඩෙනෙක්ස් සමත් වුණා.

හිරු ස්ටාර් දෙවැනි අදියරේ කිරුල අහුංගල්ලේ උදාර කෞෂල්‍යය සහ තෙවැනි අදියරේ කිරුල බුලත්කොහුපිටියේ අමීෂ මිනෝල් හිමිකර ගත්තේ 100%ක්ම ජනතා පරමාධිපත්‍යයේ තීරණය මතයි.

දක්ෂතාවයම විජයග්‍රහණය කරවන මෙම රියැලිටි අභිෂේකය ගෙවුණු වසරවලදී වඩාත් ජනප්‍රියම රියැලිටිය ලෙස සම්මානයට පාත්‍ර වුණේ මෙරට ප්‍රධාන පෙළේ සියලු සම්මාන රාත්‍රීන්වලදී හිරු ස්ටාර් නාමය ඉහළටම ඔසවා තබමින්.

හිරු ස්ටාර් සිව්වැනි අදියර සඳහා ලක්ෂ සංඛ්‍යාත තරගකරුවන් මෙරට සංගීත ක්ෂේත්‍රය දිග්විජය කළ ජනප්‍රිය හා ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ සිය ගායන කුසලතා ඉදිරිපත් කළ අතර ඔවුන් අතරින් අතිදක්ෂයින් 300ක් සිය ගායන කෞශල්‍යයේ විනිශ්චය ජනතා පරමාධිපත්‍යයට භාර කරමින් මෙරට රියැලිටි ඉතිහාසයේ අතිශය පළමුවරට සජීවි ලෙස මුහුණට මුහුණ තරග වැදුණා.

මෙරට රියැලිටි ටෙලිවිෂන් කලාවට තවත් නවමු සංකල්පයක් හඳුන්වා දෙමින් ෂොපින් මෝල් ඔඩිෂන් නමින් ආකර්ෂණීය එක්දින ගායන තරගයක් ද මෙවර පැවැත්වුණු අතර එහිදී ජයග්‍රාහකයින් දෙදෙනෙකු තෝරාගැනුණා.

ඔවුන් එදිනම රාත්‍රියේ හිරු ස්ටාර් සජීවී වේදිකාවේදී සිය ගායන කුසලතා ඉදිරිපත් කළ අතර ඉන් එක් අයෙකුට හිරු ස්ටාර් තරගාවලියේ ඉදිරියට යෑමට වරම් හිමිවුණා.

එලෙස සුදුසුකම් ලැබූ ගම්පහ නේසර සෙනෙවිරත්නත් අවසන් මහා තරගයට මෙවර සුදුසුකම් ලබා සිටින සිව්දෙනාගෙන් එක් අයෙක්.

මෙවර සජීවීව තරග වැදුණු තරගකරුවන් 300 දෙනාගේ ගායන කුසලතාව පිළිබඳ විනිශ්චය ලබාදීමට හිරු ටී.වී. හඳුන්වා දුන් අතිනවීන "හිරු ස්ටාර් ඇප්" - ජංගම දුරකථන යෙදවුම මිලියන සංඛ්‍යාත ජනතාවක් වැලඳගත්තේ සිය පරමාධිපත්‍යයේ තීරණය මගින් තරගකරුවන් අතරින් රසික හදබැඳගත් විශිෂ්ටයින් සිව්දෙනෙකු අවසන් කිරුළ දක්වා රැගෙන යාමටයි.

ඒ අනුව ගම්පහ නේසර සෙනෙවිරත්න, දංකොටුවේ ශිවන්ත ආශ්, මහනුවර අශාන් කපුගෙදර, අනුරාධපුරයේ චමෝද් කවිෂ්ක සමගින් අවසන් කිරුළේ හිමිකාරිත්වය වෙනුවෙන් තරග වැදීමට නියමිතයි.

මේ ගායන විශිෂ්ටයින් සිව්දෙනා අතරින් හිරු ස්ටාර් අවසන් කිරුළේ හිමිකරුවා කවුරුන් විය හැකිද? 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top