සුපිරි නළු සයිෆ්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඉන්දියාවෙන් ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න..
ඒ සිදුවීම ගැන අද උදෑසන් ඉන්දීය මාධ්‍ය බොහෝමයක් වාර්තා කළා.. මේ කියන්න යන්නේ ඒ ගැන ඇසෙන අලුත්ම කතාවයි..
සුපිරි බොලිවුඩ් නළු සයිෆ් අලී ඛාන්ට සිය නිවෙසේ දී එල්ල වූ පිහි ප්‍රහාරයෙන් ලද තුවාල බරපතල නොවන බවත්, ඔහු මේ වන විට මාරාන්තික තත්ත්වයකට පත් වීමෙන් මිදී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
අද අලුයම සිය නිවෙසේ දී සුපිරි නළු සයීෆ් අලී ඛාන්ට එල්ල වූ ප්‍රහාරවලින් ඔහුගේ සිරුරේ කැපුම් තුවාල හයක් පමණ සිදුව ඇති අතර ඔහුව රෝහලේ දී සැත්කම් කිහිපයකට ද භාජනය කර තිබෙනවා.
සයිෆ් වෙත මෙම ප්‍රහාරය එල්ල කර තිබුණේ, මුම්බායි හි පිහිටි ඔහුගේ නිවසට අනවසරයෙන් ඇතුළු වූ යම් නාඳුනන තැනැත්තෙක් විසින්.
එම ප්‍රහාරය එල්ල වෙන අවස්ථාවේ දී අදාළ නිවෙසේ සයිෆ්ගේ පවුලේ සාමාජිකයන් ද රැඳී සිට තිබුණා.