රැස් වෙන්න එපා...! පනවා ඇති තහනම ගැන ඇසෙන කතාව මෙන්න..
Friday, 17 January 2025 - 7:48 | Views - 330
පේරදෙණිය විශ්වවිද්‍යාලය තුළ මහා ශිෂ්‍ය සංගමය සහ පීඨ ශිෂ්‍ය සංගම් කැඳවීම අත්හිටුවන ලෙසට උපකුලපති විසින් තීරණයක් ගෙන තිබෙනවා..

ඒ අනුව පේරදෙණිය විශ්වවිද්‍යාලය තුළ හෝ ඉන් පිටත කිසිඳු කරුණක් සම්බන්ධව මහා ශිෂ්‍ය සංගමය හෝ පීඨ ශිෂ්‍ය සංගම් විසින් සිසුන් එක් රැස් කිරීම, රැස්වීම් පැවැත්වීම, සිසුන් ඇමතීම, රංචු ගැසීම ය‍නාදිය මෙසේ අත්හිටුවා ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ..

මෙම අත්හිටුවීම ඊයේ (15) දින සිට සතියක් ඉක්ම යනතුරුම සපුරා තහනම් වන බවත් එයට පටහැනිව ක්‍රියා කරනු ලබන සියලු දෙනාට විනායානුකූලව කටයුතු කරන බවත් උපකුලපතිවරයා අවධාරණය කර තිබෙනවා..

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කළේ මෙවැනි සිදුවීම් පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ මේ වන විට ඉතා සුලභ වී ඇති බැවින් විශ්වවිද්‍යාලය තුළ මේ වන විට ශිෂ්‍ය නිදහස අහිමි බව ඉතාමත් පැහැදිලි කරුණක් වන බවයි..

එමෙන්ම ශිෂ්‍ය සංගම් පිහිටුවා ගැනීම විශ්වවිද්‍යාල පනත තුළින්ම ශිෂ්‍යයන්ට පවරා ඇති අයිතියක් වන අතර රැස්වීමේ, භාෂණයේ, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා මූලික අයිතිවාසිකම් ලෙස සලකන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ..

උපකුලපතිට පැවරී ඇති බලතල යැයි සඳහන් කරමින් සිදු කරන මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීම් කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරනවා..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top