ලබන මාසයේ සිට විවේකී සති අන්තය අලුත් කරගන්න ඔබටත් අවස්ථාවක්..
සති අන්තයේ මේ අත්දැකීම විඳගන්න ඔබත් කැමතියිද..? මෙන්න ඒ ගැන ඇසෙන අලුත්ම ආරංචිය..
මේ කියන්න යන්නේ සති අන්තයේ ආරම්භවීමට නියමිත නව දුම්රියක් ගැන කතාවක්.. එය ලබන පෙබරවාරි මාසයේ සිට ආරම්භ වීමට නියමිතයි..
ඒ අනුව උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියන්ට ඇති ඉල්ලුම පිළිබඳ අවධානය යොමු කරමින් ‘ඇල්ල ඔඩිසි කැන්ඩි’ ලෙස මහනුවර සිට දෙමෝදර දක්වා සති අන්තයේ නව දුම්රියක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.. දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර විසින් ඒ බව පැවසුවා..
එම දුම්රිය පෙබරවාරි මස ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් එය සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම දෙපසට ධාවනය වන බවත් හෙතෙම වැඩිදුරටත් පවසා තිබුණා..