කළුබෝවිලත් වෙඩි තැබීමක්..
අද උදෑසන ඇසුනා වගේම තවත් එක් අවාසනාවත සිදුවීමක් ඇසෙනවා.. ඒ කළුබෝවිල ප්‍රදේශයෙන්..
කළුබෝවිල බුද්ධඝෝෂ මහා විද්‍යාලය අසලදී අද (16) තවත් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි ප්‍රහාරකයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මේ හේතුවෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි පොලිසිය පැවසුවේ.