මන්නාරම අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක්..
මේ කියන්න යන්නේ මීට සුළු මොහොතකට කලින් ඇසුණු සිද්ධිය ගැන කතාවක්..
ඒ කතාව ඇසෙන්නේ මන්නාරම අධිකරණ සංකීර්ණය පැත්තෙන්..
මන්නාරම අධිකරණය ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අද (16) උදෑසන වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා...
මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් 03 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ...
update
......................................................
මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු අද (16) උදෑසන සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ පිරිස මන්නාරම දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.
තුවාල ලැබූවන් නඩු කටයුත්තක් සදහා අධිකරණ භූමියට පැමිණි අය බවට අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග ප්‍රකාශ කළා.