ආලේප ගා තරබාරුබව මට්ටු කළ හැකිද?
Wednesday, 17 October 2018 - 16:33 | Views - 2,571
තරබාරුව නොහොත් ස්ථුලභාවය බරපතළ සෞඛ්‍ය ප්‍රශ්නයකි. එහෙත් එය වඩා වේගයෙන් සමාජ ගත වෙන්නේ රූපලාවන්‍ය හෝ පුද්ගල පෞරුෂ ගැටලුවක් ලෙසිනි.

එහෙයින් වර්තමානයේ තරබාරුවට ක්ෂණික විසඳුම් සොයන පිරිස් සමාජයේ දැකගත හැක. මරුට අතවැනීමක් වැනි තරබාරුවට  ක්ෂණික විසඳුම් සෙවීම පිළිබඳ වන මේ සාකච්ඡාව ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් එල්.පෙරේරා හා කළ සාකච්ඡාවකින් ලියවෙයි.

තරබාරුව තීරණය කළ යුතු දර්ශකයක් ඇත. බි.එම්.අයි. දර්ශකය ලෙස හඳුන්වන එකී තරබාරුව සලකා බලන්නේ උසට සාපේක්ෂවය. ඒ අනුව තරබාරු නැතහොත් ස්ථුල බවින් යුත් අය එකී දර්ශකයට අනුව නොව සිරුර සිහින් කර ගැනීමට විවිධාකාර වූ දේ කරති. ඒ අතර වන ඇතැම් ක්‍රම කිසිසේත් සෞඛ්‍යයට හිතකර ඒවා නොවේ. ඒ ඉතා මෑතකදී මාධ්‍ය තුළින් වාර්තා වූ සිදුවීමක් වූයේ තරබාරුව නිසා සිරුර සිහින් කරනා ආ‍ලේපන වර්ග ගණනාවක් වෙළෙඳ ‍පොළේ ඇති බවය. අවාසනාවකට මෙන් මෙවැනි

ඖෂධ සියල්ල වෙළෙඳ ‍පොළට එන්නේ හර්බල් නමිනි. ලාංකික සමාජ පුරුදුව සිටිනුයේ හර්බල් යනු ආයුර්වේද ඖෂධ බවයි. එහෙයින් මෙවැනි ආ‍ලේප වර්ග භාවිත කර අපේක්ෂිත ප්‍රතිඵල නොලැබුණු උදවිය චෝදනා කරනුයේ ආයුර්වේදයටය. එමගින් සිදුවන ප්‍රධාන අගතිය නම් පසු ආබාධ රහිත සියවස් ගණනක් පැරණි විස්මිත දේශීය චිකිත්සාව අවතක්සේරුවට ලක්වීමය.

සැබැවින්ම බාහිර ආ‍ලේප ගැල්වීම පමණක් කොට ශරීරය කෙට්ටු කරගැනීම කළ නොහැක. ඒ සඳහා කළ යුතු වෙනමම ක්‍රියාදාමයන් රැසකි. ඒ අතරින් සුදුසු පරිදි ව්‍යායම කිරීම, ආහාර පාලනය, මේදය අඩංගු ආහාර භාවිතය අඩු කිරීම වැනි අංග ගණනාවක් ක්‍රියාත්මක කළ යුතුය. එහෙත් තරබාරුව නසන්නට ආ‍ලේපන අලෙවි කරන්නෝ ඒ බව සඟවා තුන්හතර විඩක් ආ‍ලේප කළ පමණින් ශරීරය කෙට්ටුවන බවත් අනවශ්‍ය මේදය දහනයවන බවත් පවසති. එය කිසිසේත් පිළිගත නොහැක.

මෙවැනි ආ‍ලේප බහුතරයක් නිපදවන්නේ කුමන සන්ද්‍රණයකින්ද කියා පැහැදිලි නැත. එහෙත් මෙවැනි ඖෂධවල ඇති විවිධාකාර රසායනික ද්‍රව්‍ය නිසා සිරුරේ අනවශ්‍ය මේද පමණක් නොව  සම සහ පටක ආශ්‍රිත ආබාධද ඇතිවිය හැක. ඊට හොඳම උදාහරණය කාන්තාවන් ඉලක්ක කර සම පැහැපත් කරන බව පවසා වෙළෙඳ ‍පොළේ අලෙවි වූ ක්‍රීම් වර්ගයක පිළිකා කාරක අඩංගු බව පසුගියදා හෙළිවීමය. එම ආ‍ලේපන ඉන් පසු වෙළෙඳ ‍පොළෙන් ඉවත් කළ අතර ඒ වනවිටත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඒවා මිලට ගෙන තිබුණි. තරබාරුව සඳහා දෙන ඖෂධද එසේමය. මේවා නිසා වන හානිය කොතෙක්දැයි තවමත් තක්සේරු කර නැත. තරබාරුවට ප්‍රධාන හේතුව ව්‍යායම මඳකමය. කලාතුරකින් කෙනෙකුට ජානමය හේතූන් මතද තරබාරුව ඇතිවිය හැක.

තරබාරුව මර්දනය කිරීමට වෛද්‍ය ප්‍රතිකාර නැත්තේ නොවේ. ඒවා ලබා ගතයුත්තේ පෙරදිග හෝ අපරදිග පිළිගත් වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේය. එවැනි ප්‍රතිකාර රෝගියාගෙන් රෝගියාට වෙනස්ය. ඊට හේතුව තරබාරුවට විවිධ හේතු බලපාන බැවිනි, එහෙයින් තරබාරු රෝගීන් සිහින් කිරීමට කරන ප්‍රතිකාර පන්තිය තීරණය කළ යුත්තේ විධිමත් පරීක්ෂණයකින් පසුවය. තරබාරුව නසන ඖෂධ ඔසුසල්වලට අමතරව සිල්ලර කඩ සහ පෙට්ටිකඩවලත් විකිණීමට තිබිම නිසා ඖෂධවල ප්‍රමිතිය ගැන සැක ඇතිවේ.

දේශීය චිකිත්සාවට අනුව ශරීරය සිහින් කිරීමට ප්‍රතිකාර ඇත. ඖෂධීය කුඩුවර්ග, චූර්ණ වර්ග සමග බාහිර ආ‍ලේපනද එවැනි ප්‍රතිකාරවලදී ලබාදේ. ඒවා නිසි පමණ වෛද්‍ය උපදෙස් මත පමණක් අ‍ලේප කළ යුතුය. එහෙත් මෙකී ආ‍ලේපන කිසි විටෙකත් හුදකලාව භාවිත නොකරයි. ඒවා සමග ගත යුතු ඖෂධ වර්ගද වෛද්‍යවරු නිර්දේශ කරනු ඇත. එපමණක්ද නොව ගතයුතු ආහාර වර්ග මෙන්ම  කළ යුතු ව්‍යායාම් ආදිය ගැනද රෝගීන් දැනුවත් කෙරේ. එපමණක්ද නොව තරබාරුවට හේතුවන ඇවතුම් පැවතුම්ද බොහෝය.

ඒවාගෙන්ද රෝගීන් වැළකිය යුතුය. ඒවා අතර ආහාර ගත් සැණින් නිදා ගැනීම, මේදය හා පිෂ්ඨය වැඩි ආහාර ගැනීම වැනි ක්‍රියාවන්ගෙන් වැළකිය යුතුවන අතර වැඩිපුර වතුර බිම මෙන්ම ආහාර ගත් පසු උණුවතුර පානය කිරීමද වැදගත් පුරුදු වෙයි. රාත්‍රී ආහාරය නින්දට සෑහෙන වේලාවකට පෙර ගැනීම, තන්තු බහුල පලාවර්ග වැනි ආහාර වැඩිපුර ගැනීම, ක්ෂණික ආහාර නොගැනීම වැනි ක්‍රියාද ඔබේ තරබාරුව මට්ටු කිරීමට උපකාර වෙයි. ඔබේ කාර්යබහුල බව නිසා එළිමහනේ ඇවිදීම වැනි ව්‍යායාම් කිරීම අසීරු නම් තාක්ෂණික උපකරණ සමග ව්‍යායාම් කිරීමද ඉතා සුදුසුය. මෙවැනි සංකීර්ණ ප්‍රතිකාර මගින් මැඩපැවැත්විය යුතු තරබාරුව හුදු බාහිර ආ‍ලේපනයක් මගින් මට්ටු කරන්නට යෑම අතුරු ආබාධ රැසකට අතවැනීමක් බව පැවැසිය යුතුය.

ෙදෙනිකව වැයකරන කැලරි ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් ලබාගැනීම තරබාරුවට හේතුවකි. කාන්තාවකට කැලරි 2000ද පුරුෂයෙකුට කැලරි 2500ක්ද ෙදෙනිකව අවශ්‍ය බව සම්මතව ඇත. ඉන් ඔබ්බට ඔබ ලබාගන්නා කැලරි ඔබේ ස්ථුල බවට හේතුවෙයි.

චමිලා අල්විස්
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top