පාසල් බිමෙන් අහුලා ගත් දෙය සැනෙකින් පුපුරා යයි.. ඇස් මවිත වෙන තවත් කතාවක් මෙන්න..
Thursday, 16 January 2025 - 8:09 | Views - 382
අහුලා ගත් හක්කපටස් එකක් පුපුරා යෑමෙන් ප්‍රාථමික පාසලක සිසුවෙක් තුවාල ලබා තිබෙනවා.

මෙසේ තුවාල ලබා ඇත්තේ කැකිරිකන්ද ප්‍රාථමික පාසලේ සිසුවෙක්.

මිතුරන් සමඟ සෙල්ලම් කරමින් සිටින විට මෙම පාසලේ සිසුන් බෝලයක් වැනි දෙයක් බිම වැටී තිබෙනු දැක එය අහුලාගෙන තිබෙනවා.

පසුව පන්ති කාමරයක් තුළට එය ගෙනගොස් සිසුවෙකු විසින් එය බිමට ගැසූ අවස්ථාවේ මහ හඬක් නගමින් පුපුරා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

එහිදී එක් සිසුවෙක් සුළු තුවාල ලබා ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී කරන්දෙනිය පොලීසිය පවසා සිටියේ ඔවුන් අහුලාගෙන ඇත්තේ හක්කපටස් එකක් බවයි.

එය පිපිරී ගොස් මෙම අනතුර සිදුව ඇති බවත් ඒ පිළිබඳව විමර්ශන පවත්වන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන්කර සිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top