ධාවනයේ දී සැලකිලිමත් වන්නැයි රියදුරන්ට උපදෙස්
Wednesday, 15 January 2025 - 10:31 | Views - 311
වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය ප්රදේශයේ මාර්ග කිහපයක දැඩි මීදුම් තත්ත්වයක් පවතින බව වාර්තා වනවා.
ඒ අනුව, නුවරඑළිය මහනුවර මාර්ගය, නුවරඑළිය හැටන් මාර්ගය සහ නුවරඑළිය වැළිමඩ මාර්ග වල රථවාහන ධාවනය කිරීමේ දී විමසිලිමත් වන්නැයි පොලිසිය රියදුරන්ට දැනුම් දී තිබෙනවා.
මේ අතර මින්නේරිය වැවේ ජල ධාරිතාව වාන් මට්ටම ඉක්මවා යාම හේතුවෙන් සියලු වාන් දොරටු විවෘත කර තිබෙනවා.
එහි ජලය කවුඩුල්ල ජලාශයට මුදාහරින බවයි ජලාශය භාර ඉංජිනේරුවරයා සඳහන් කළේ.
Share This Article