මේ මස අගදී ලැබෙන්න යන වන්දි
Wednesday, 15 January 2025 - 10:19 | Views - 492
පසුගිය නොවැම්බර් මාසයේ ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් හානිවූ වගාවන් සඳහා ගොවීන්ට වන්දි ලබාදීමේ කටයුතු මේ මස අවසානයේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි කියා සිටියේ, වගා හානි පිළිබද තක්සේරු කිරීම් මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි.
පසුගිය නොවැම්බර් මාසයේ ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් මඩකලපුව, අම්පාර, ත්රිකුණාමලය, මුලතිව්, මන්නාරම, අනුරාධපුර සහ පොළොන්නරුව යන ප්රදේශවල වගාවන් සදහා දැඩි හානි සිදුව තිබුණා.
Share This Article