අද දවස ගැන දැනගෙන ම දවස අරඹන්න..
Wednesday, 15 January 2025 - 7:22 | Views - 889

අද (15) දිනයේත් , නැගෙනහිර, ඌව, උතුර සහ උතුරු-මැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට ඉදිරි පැය 24 තුළ මිලිමීටර් 150ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර, හෙට දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින අතර ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම, නැගෙනහිර, ඌව, මධ්‍යම, සහ දකුණූ පළාත්වලට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි.

තවද , පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පරාක්‍රම සමුද්‍රය, වෙහෙරගල සහ ලු‍ණුගම්වෙහෙර ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙනවා.

එමෙන්ම මහවැලි ගග පිටාර ගැලීමෙන් ඓතිහාසික සෝමාවතී පුදබිමට ගමන් කරන මාර්ගය තවදුරටත් ජලයෙන් යට ව පවතිනවා.

පවතින වැසි සහිත කාලගුණයත් සමඟ කුරුණෑගල, බදුල්ල, මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට නායයෑමේ අනතුරු ඇඟවිම් නිකුත් කෙරුණා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top