අද දවස ගැන දැනගෙන ම දවස අරඹන්න..
Wednesday, 15 January 2025 - 7:22 | Views - 890
අද (15) දිනයේත් , නැගෙනහිර, ඌව, උතුර සහ උතුරු-මැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට ඉදිරි පැය 24 තුළ මිලිමීටර් 150ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර, හෙට දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින අතර ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම, නැගෙනහිර, ඌව, මධ්‍යම, සහ දකුණූ පළාත්වලට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි.
තවද , පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පරාක්‍රම සමුද්‍රය, වෙහෙරගල සහ ලුණුගම්වෙහෙර ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙනවා.
එමෙන්ම මහවැලි ගග පිටාර ගැලීමෙන් ඓතිහාසික සෝමාවතී පුදබිමට ගමන් කරන මාර්ගය තවදුරටත් ජලයෙන් යට ව පවතිනවා.
පවතින වැසි සහිත කාලගුණයත් සමඟ කුරුණෑගල, බදුල්ල, මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට නායයෑමේ අනතුරු ඇඟවිම් නිකුත් කෙරුණා.
Share This Article