දිනකට 2,500 ක් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට පියවර ?
Tuesday, 14 January 2025 - 10:13 | Views - 369
දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500 බැගින් නිකුත් කිරිමට මේ වනවිට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.
මීට පෙර දිනකට ගමන් බලපත්‍ර නිකුත් කර ඇත්තේ, 1,200ක් පමණයි.
යම් අයෙකුට හදිසියේ විදේශගත වීමට අවශ්‍යනම් ඒ සදහා ගමන් බලපත්‍ර ලබා ගැනීමට වෙනම කවුළුවක් ද විවෘත කර තිබෙනවා.
එම කවුළුවට ඉදිරිපත් කරන අයදුම්පත් කමිටුවක් මගින් සලකා බලා කඩිනමින් ගමන් බලපත්‍ර ලබා දීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ද සඳහන්.
Share This Article