බලාපොරොත්තුවේ දෑස් දල්වමින් ලොව දකින්නට වරම් දෙන මහා පුන්‍යකර්මය, හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමාත් ඇස් ඇතුළු ශරීරාංග දන් දෙයි
Tuesday, 14 January 2025 - 8:15 | Views - 368
නිරෝගී දෙනෙතකින් ලොව දකින්නට වරම් ලැබීම තරම් වාසනාවක් තවත් නැහැ.

මරණයත් සමග මේ දෙනෙත්වලටත් ආයු කාලය අවසන් කිරීමට ඉඩ නොදී, දෑස් නොපෙනෙන හෝ අක්ෂි ආබාධ සහිත පුද්ගලයෙකුට එය පරිත්‍යාග කිරීම ජීවත්ව සිටියදීම කළ හැකි මහඟු පිංකමක්.

මේ, කොළඹ 07 විද්‍යා මාවතේ පිහිටි ශ්‍රී ලංකා අක්ෂිදාන සංගම් මූලස්ථානයයි.

1961 වසරේදී පිහිටුවන ලද මෙරට පැරණිම සමාජ සේවා ආයතනයක්වන අක්ෂිදාන සංගමය ඇස් දන්දීම සම්බන්ධයෙන් නොමිලේ කටයුතු කරන සුවිශේෂී ආයතනයක්.

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගම සභාපති සම්පත් ද සිල්වා සඳහන් කළේ, මේවන විට 2,230,000 දෙනෙකු සිය ඇස් දන්දීමට ලියාපදිංචි වී සිටින බවත් මේ දක්වා රෝගීන් 160,000ක් අන්ධභාවයෙන් මුදාගෙන ඇති බවයි.

එමෙන්ම, 2024 වසරේදී ශ්‍රී ලාංකිකයින් 7,144 දෙනෙකු ඇස් දන් දී ඇති බවත්, එලෙස දන්දුන් ඇස්වලින් අක්ෂි ආබාධිත විදේශිකයින් 3,163 දෙනෙකුට හා දේශීය 1475 දෙනෙකුට ද පසුගිය වසරේදී ඇස් පරිත්‍යාග කළ බවත් 1025 දෙනෙකු අක්ෂි ශල්‍ය පුහුණුවීම් ලබන වෛද්‍යවරුන්ගේ අධ්‍යාපනය සඳහා සපයා තිබෙන බවත් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ලාංකිකයින් ලබාදුන් ඇස්වලින් ලොව දකින්නට වරම් හිමිකරගත් පිරිස අතර යේමනය, ඊජිප්තුව, කෙන්යාව, ජපානය ඇතුළු විදෙස් රටවල් 57ක දෘශ්‍යාබාධිත පුද්ගලයින් සිටීමත් විශේෂත්වයක්.

එක් ඇසක් සංරක්ෂණය කිරීමට රුපියල් 25,000ක පමණ මුදලක් වැයවන බව අක්ෂිදාන සංගමය පවසනවා.

මෙලොව බිහිවූ අයෙකුට සිය ජීවිත කාලයේදී කළ හැකි මහඟු පුණ්‍යකර්මයක්වන සිය ඇස් ඇතුළු සියලු ශරීරාංග දන්දීමේ මහඟු පුණ්‍ය කටයුත්තට හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා සහ එම මැතිණිය 2018 වසරේ වෙසක් පුන් පොහෝ දා අනුරාධපුර ජේතවනාරාම පුදබිමේදී එක්වුණා.

මෙරට බෞද්ධ පුනරුදය වෙනුවෙන් සීමා විරහිත ශාසනික සේවා රැසක් ඉටුකරන හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා සිය ශරීරාංග දන් දීම සඳහා වන පොරොන්දු පත්‍රයට එදින අත්සන් තැබුවා.

මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද එම පුණ්‍ය කටයුත්ත සිදුකෙරුණේ අක්ෂිදාන සංගමයේ, ජාත්‍යන්තර ඇස් බැංකුවේ සහ ශ්‍රී ලංකා මිනිස් පටක බැංකුවේ නිලධාරීන් ඉදිරියේයි.

හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් සිය ඇස් ඇතුළු සියලු ශරීරාංග දන් දීමෙන් අනතුරුව අනුරාධපුර ජේතවනාරාම පුදබිමට හිරු උත්තම ධාතු වන්දනාව

වෙනුවෙන් පැමිණි සැදැහැවතුන් විශාල පිරිසක් ද සිය ශරීරාංග දන් දීමේ පුණ්‍යකර්මයට දායකත්වය ලබා දුන්නා.

මේ අතර ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ සභාපති සම්පත් ද සිල්වා පවසා සිටියේ,

"මරණයෙන් පසු නිවසට හෝ රෝහලට පැමිණ ඇස් කුනීත ලබාගන්නවා. විශේෂ ද්‍රාවණයක බහා රැගෙන යනවා. සම්පූර්ණයෙන්ම නොමිලේ කරන්නේ. පටක බැංකුවටත් පටක දන්දී තිබෙනවා පසුගිය වසරේ.

රෝගීන් 956 දෙනෙකු එමගින් අපි සුව කළා. සමස්තයක් ලෙස 13,000කට සෙත සැලසුණා. අපේ මූලස්ථානයට හෝ ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණ පොරොන්දු පත්‍ර ලියාපදිංචි කළ හැකියි. www.eyedonation.lk ඔස්සේත් ලියාපදිංචි විය හැකියි. මේ වසරේ ලක්ෂ 25ක් ඉලක්කයයි."
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top