විශ්‍රාමිකයන් ට සුබම සුබ ආරංචියක් මෙන්න
Saturday, 11 January 2025 - 15:25 | Views - 2,080
2020 වසරේදී අහෝසි කළ විශ්‍රාම වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය නැවත බලාත්මක කිරීමට වත්මන් රජය තීරණය කර තිබෙනවා.
2016 ජනවාරි පළමු වැනිදා සිට 2019 දෙසැම්බර් 31 දක්වා කාල සීමාව තුළ විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින් සඳහා එම විශ්‍රාම වැටුප් වැඩි කිරීම ලබා දෙන බවයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සඳහන් කරන්නේ.
එළැඹෙන අයවැය මඟින් ඊට අදාළ ප්‍රතිපාදන වෙන් කල බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
Share This Article