12වැනි මහලෙන් පහළට වැටුණු ඇය ගැන තොරතුරු රැසක් එළියට..
Saturday, 11 January 2025 - 9:39 | Views - 440
බොරැල්ලේ පිහිටි මහල් 24කින් යුත් මහල් නිවාස සංකීර්ණයක 12වන මහලෙන් වැටී 16 හැවිරිදි දැරියක් මියගොස් තිබෙනවා.
ඊයේ(10) රාත්‍රියේ සිදු වූ මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මියගොස් ඇත්තේ.
ඇය බොරැල්ල - සර්පන්ටයින් පාර, ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
මියගිය දැරිය කලක සිට මානසික ආතතියෙන් පෙලීම හේතුවෙන් වෛද්‍ය ප්‍රථිකාර ලබා ගනිමින් සිටි බවට ඇගේ මව විසින් පොලිසියට ප්‍රකාශයක් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
කෙසේ වෙතත්, මෙම දැරිය එම මහල් නිවාස සංකීර්ණයෙන් බිමට පැන ඇත්ද , නැතහොත් වැටී ඇත්ද යන්න සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
Share This Article