ගිනි ගෙන දැවෙනා ලොස් ඇන්ජලීස්.. ලැව් ගින්නට අසුවූ දැවැන්තයා.. (Video)
Saturday, 11 January 2025 - 7:53 | Views - 363
අමෙරිකාවේ ලැව්ගිනි හේතුවෙන් දේශගුණික විපර්යාස මෙන්ම කලාපයේ පාරිසරික තත්ත්වයන්වල ද වෙනස්කම් නිර්මාණය විය හැකි බවට එරට කාලගුණ විශ්ලේෂකයින් අනතුරු අගවනවා.
අමෙරිකාවේ ප්‍රදේශ කිහිපයක පැතිර යන ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 10 දක්වා ඉහළ ගොස් ඇති අතර, අක්කර 34, 000 ක් පමණ මේ වන විට විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ලොස් ඇන්ජලීස් සහ චෙන්චුරා ප්‍රාන්තවල ප්‍රදේශ කිහිපයකම ගින්න තවදුරටත් ව්‍යාප්ත වීම හමුවේ නිකුත් කළ රතු අනතරු ඇගවීමේ නිවේදනද තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
පවතින තද සුළං හේතුවෙන් ගින්න පාලනයෙන් තොරව පැතිර යමින් තිබෙන බවයි වාර්තා වන්නේ.
Share This Article