හෙට දිනය ගැන විශේෂ දැනුම් දීමක්..
Friday, 10 January 2025 - 15:42 | Views - 280
දිවයිනේ ප්‍රදේශ රැසකට හෙට(11) දිනයේදී මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල මෙලෙස තද වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම, උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
එමෙන්ම, අද රාත්‍රියේදීත් උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ අතර, කාසල්රි ජලාශයට ජලය ගලා යන කෙසෙල්ගමුඔයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට මේ වන විට තද වැසි පතිත වන බව ද වාර්තා වනවා.
Share This Article