විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි නොවූ ජංගම දුරකතන ඇතුළු සන්නිවේදන උපකරණ මෙරටදී භාවිතය තහනම් කරන බව එම කොමිෂන් සභාව පවසනවා..
නීති විරෝධී ආකාරයෙන් සන්නිවේදන උපකරණ මෙරටට රැගෙන ඒම වැළැක්වීම මෙහි අරමුණ බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් මේ ගැන අදහස් දක්වමින් පවසා තිබුණා..
ජනවාරි මාසය අවසන් වන විට ඒ සඳහා විශේෂ ස්වයංක්‍රිය පද්ධතියක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සැලසුම් කර ඇති අතර, නිසි ප්‍රමිතියකින් තොර වූ, නීත්‍යනුකූල නොවන සන්නිවේදන උපකරණ මිල දී ගැනීමෙන් ජනතාවට අපහසුතා හා අවහිරතාවලට මුහුණදීමට සිදුව ඇති හෙයින් එවැනි උපකරණ පාරිභෝගිකයන්ට විකිණීම වැළැක්වීම කොමිෂන් සභාවේ වගකීමක් වෙනනවා..
දැනට භාවිත කරන ජංගම දුරකතනවලට හා විදේශිකයන්ට මෙම නව වැඩපිළිවෙළ මඟින් ජංගම දුරකතන භාවිතයට අවහිරයක් සිදු නොවන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා..