අද වෙනස් වුණු , ඩොලරයේ අගය
Friday, 10 January 2025 - 15:16 | Views - 331
ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (10) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව, ඩොලරයේ ගැනුම් මිල රු. 290.6412ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
එමෙන්ම එහි විකුණුම් මිල රු. 299.2063ක් ලෙස වාර්තා වී තිබෙනවා.
කෙසේ වෙතත් පසුගිය සතියේ එහි ගැනුම් මිල රු. 289.0755 ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු. 297.6410 ලෙස සටහන්ව තිබුණා.
Share This Article