දෛනික වැටුප 2000 කරන්නැයි ඉල්ලීමක්
Friday, 10 January 2025 - 13:35 | Views - 440
දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ (TPA) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේසන් රජයේ ඉදිරි අයවැය යෝජනාවලට වතු කම්කරුවන් සඳහා අවම වැටුප ලෙස රුපියල් 2000ක් ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

ඊයේ (09) පාර්ලිමේන්තුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේසන් ප්‍රකාශ කළේ, වතු කම්කරුවන් සඳහා රුපියල් 2000ක අවම දෛනික වැටුපක් අපේක්ෂා කරන බවත්, ඔවුන් ශ්‍රී ලංකාවේ වඩාත්ම ආන්තිකකරණයට ලක් වූ කොටස බවයි.

“වතු කම්කරුවන් රැකබලා නොගන්නා තුරු සහ ඔවුන් සමාන පුරවැසියන් ලෙස සැලකිය නොහැකියි” යන්න අවධාරණය කළ ඔහු පැවසුවේ, ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය පාර්ලිමේන්තුවේදී වතු කම්කරුවන් පිළිබඳ යෝජනාවලට සම අනුග්‍රහය දැක්වූ බවයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේසන්, වත්මන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු වන, ජනතා විමුක්ති පෙරමුණේ වතු වෘත්තීය සමිතියේ සභාපති සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ කිට්නන් සෙල්වරාජ්ගෙන් තවදුරටත් ඉල්ලා සිටි‍යා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top