අදින් අවසන් වෙන අවසරය
Friday, 10 January 2025 - 10:11 | Views - 255
සහල් ආනයනය සඳහා රජය ලබාදුන් අවසරය අද(10) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වීමට නියමිතයි.
ඒ අනුව, දැනට ලැබී ඇති සියලුම සහල් තොග අද දිනයේදී නිෂ්කාශනය කර අවසන් කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ සීවලී අරුක්ගොඩ කියා සිටියේ.
පසුගිය මාසයේ 04 වැනිදා සිට ඊයේ දිනය දක්වා සහල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ 27,000කට අධික තොගයක් රේගුවෙන් නිශ්කාශණය කර තිබෙනවා.
කැකුළු සහල් මෙට්‍රික් ටොන් 50,000ක් සහ තැම්බූ සහල් මෙට්‍රික් ටොන් 77,000ක් එහි අන්තර්ගතයි.
කෙසේ වෙතත්, වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පසුගියදා ප්‍රකාශ කර තිබුණේ අද මධ්‍යම රාත්‍රියෙන් පසු සහල් ආනයනය කළහොත් ඒවා යළි හරවා යැවීමට සිදුවන බවයි.
මේ අතර, සහල් ආනයනය කරන මුවාවෙන් බාස්මතී සහල් මෙරටට ආනයනය කර ඇති බවට හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පසුගියදා කළ චෝදනාවට රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ සීවලී අරුක්ගොඩ ප්‍රතිචාර දක්වා සිටියා.
Share This Article