අදින් අවසන් වෙන අවසරය
Friday, 10 January 2025 - 10:11 | Views - 256

සහල් ආනයනය සඳහා රජය ලබාදුන් අවසරය අද(10) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වීමට නියමිතයි.

ඒ අනුව, දැනට ලැබී ඇති සියලුම සහල් තොග අද දිනයේදී නිෂ්කාශනය කර අවසන් කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ කියා සිටියේ.

පසුගිය මාසයේ 04 වැනිදා සිට ඊයේ දිනය දක්වා සහල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ 27,000කට අධික තොගයක් රේගුවෙන් නිශ්කාශණය කර තිබෙනවා.

කැකුළු සහල් මෙට්‍රික් ටොන් 50,000ක් සහ තැම්බූ සහල් මෙට්‍රික් ටොන් 77,000ක් එහි අන්තර්ගතයි.

කෙසේ වෙතත්, වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පසුගියදා ප්‍රකාශ කර තිබුණේ අද මධ්‍යම රාත්‍රියෙන් පසු සහල් ආනයනය කළහොත් ඒවා යළි හරවා යැවීමට සිදුවන බවයි.

මේ අතර, සහල් ආනයනය කරන මුවාවෙන් බාස්මතී සහල් මෙරටට ආනයනය කර ඇති බවට හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පසුගියදා කළ චෝදනාවට රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ ප්‍රතිචාර දක්වා සිටියා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top