එළඹෙන අයවැය ගැන රාජ්‍ය සේවකයන්ට සුබ පණිවුඩයක්..
Thursday, 09 January 2025 - 11:15 | Views - 511

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසනවා.

එලෙස වැටුප් වැඩි කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගැටළුවක් නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

ඔහු ඒ බව පවසා සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අද (09) පාර්ලිමේන්තුවේ දී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද සඳහන් කළා.

''රුපියල් 25,000ක් කියලා නෑ. අපි ඉලක්කම බලාගමු. කලබල වෙන්න එපා. මොකද ලිහලා බලන්න තියෙන මල්ල ඔබල බලන්න හදන්න එපා. ඔබතුමාගේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැප්තැම්බර් 4 තැපැල් ඡන්දෙට පෙර දවසේ කැබිනට් එකේ තීරණයක් ගත්තා රාජ්‍ය සේවකයින්ගේ ඡන්දය ඉලක්ක කරගෙන. හැබැයි තැපැල් ඡන්දයේදී රාජ්‍ය සේවකයෝ හොඳ උත්තරයක් දුන්නා. ඒ කියන්නේ රාජ්‍ය සේවකයන් මුලා කරන්න ඉදිරිපත් කරපු එකක් මිසක් ඇත්ත උවමනාවෙන් ඉදිරිපත් කළ දෙයක් නෙමෙයි."






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top