දුම්රියත් වර්ජනයකට සැරසෙයි
Thursday, 09 January 2025 - 8:22 | Views - 236
බඳවා ගැනීමේ පටිපාටිය අනුමත නොකිරීම හා ශ්‍රේණි උසස් වීම් ගැටලුවලට ඉදිරි දින 14 ඇතුළත නිසි විසදුමක් නොලැබුණහොත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන බව දුම්රිය ස්ථානාධිපති සංගමය දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත අද ලිඛ්තව දැනුම්දී තිබෙනවා.
මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ජල සම්පාදන මණ්ඩලයේ ආදායම් සහකාර ස්වාධීන වෘත්තීය සමිති සාමාජිකයින් පිරිසක් ද අද, රත්මලානේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
උසස්වීම්, වැටුප් වර්ධක හා සේවා ස්ථිර කිරීම් සඳහා දින තුනක් ඇතුළත සාධනීය විසඳුම් නොලැබුණහොත් වෘත්තීය ක්රීයාමාර්ගයකට අවතීර්ණ වීමටයි ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය ද තීරණය කර ඇත්තේ.
Share This Article