පාන් මිල අඩු වෙන්න නම්, මේ දේවල් වෙන්න ඕනේ..
Wednesday, 08 January 2025 - 11:06 | Views - 231

දේශීය තිරිඟු පිටි සමාගම් දෙකෙහි තිරිඟු පිටි මිල සහ මාගරින් සඳහා පනවා ඇති බදු රජය මැදිහත් වී අඩු කරන්නේ නම් පාන් ගෙඩියක් රුපියල් 10කින් සහ සෙසු බේකරි නිෂ්පාදන රුපියල් 10ත් 05ත් අතර, මිලකින් අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසනවා.

මේ වන විට බේකරි කර්මාන්තකරුවන් සඳහා දේශීය පිටි සමාගම් දෙක විසින් පිටි කිලෝවක් ලබා දෙනු ලබන්නේ රුපියල් 180ත් 190ත් අතර මිලකට බව පවසන ජයවර්ධන , එම මිල රුපියල් 25කින් අඩු කරන්නේ නම් සහ ඉකුත් රජය විසින් පනවන ලද මාගරින් සඳහා රුපියල් 200 සිට 600 දක්වා ඉහළ දමන ලද බදු මුදල අඩු කරන්නේ නම් අනිවාර්යෙන්ම පාන් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන බවද සඳහන් කර තිබෙනවා.

ආනයනික තිරිඟු පිටි කිලෝවක් මේ වන විට කොළඹ තොග වෙළඳ පොළේ මිලදී ගැනීමේදී කිලෝවක් රුපියල් 150ත් 160ත් අතර මිලක් වන බව ද , නමුත් රට පුරා සිටින බේකරිකරුවන් හට කොළඹට පැමිණ පිටි මිලදී ගැනීමට නොහැකි බවත්, බදු ගෙවා ආනයනය කරන තිරිඟු පිටි කිලෝවක් මෙසේ අඩු මිලට අලෙවි කිරීමට වෙළඳුන් හට හැකිනම් දේශීය තිරිඟු පිටි සමාගම් දෙකෙහි පිටි මිල අඩු කිරීම කිසිඳු ගැටලුවකින් තොරව සිදු කළ හැකි බැවින් ඒ සඳහා රජය මැදිහත්ව පියවර ගත යුතු බවද ඔහු සඳහන් කළා.

එසේම මාගරින් සඳහා පැවති රුපියල් 200ක ආනයනික බද්ධ ඉකුත් රජය විසින් රුපියල් 600 දක්වා වැඩි කිරීමෙන් මාගරින් මිලද බේකරි කර්මාන්තයට දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇති බැවින් මාගරින් සඳහා පනවා ඇති බදු මුදලද අඩු කිරීමට රජය පියවර ගන්නේ නම් පාන් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල පාරිභෝගික ජනතාවට දැනෙන අයුරින් අඩු කිරීමට තම සංගමය සූදානම් බවද සභාපතිවරයා මෙහිදී සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top