බස් වර්ජනය ගැන සාකච්ඡාවක අද
Wednesday, 08 January 2025 - 9:57 | Views - 384

ක්ලීන් ශ‍‍‍්‍රී ලංකා වැඩසටහනට සමගාමීව බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් මුහුණ පා ඇති ගැටලු‍ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද(08) උදෑසන පොලිස්පතිවරයා හමුවන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ, ක්ලීන් ශ‍‍‍්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් බස් සංගම් ලෙස ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ තීරණයක් ගැනීමට අද සිය නියෝජිතයින් කොළඹට කැඳවා ඇති බවයි.

ක්ලීන් ශ‍‍‍්‍රී ලංකා වැඩසටහනට සමගාමීව දියත් කර ඇති විශේෂ රථ වාහන පරීක්ෂා කිරීම ඊයේ දිනයේත් පොලිසිය විසින් ක්‍රියාත්මක කළා.

මෙම වැඩසටහන යටතේ මගී බස් රථ පරීක්ෂාව සඳහා සිවිල් ඇඳුමින් නිලධාරින් රාජකාරියේ යොදවා ඇති අතර රථ වාහන වැරදි පිළිබඳ රියැදුරන් දැනුවත් කිරීම හා නීතිය ක්‍රියාත්මක කිරීම එහිදී සිදු වනවා.

කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය හරහා තමන්ට සිදු වන පීඩාවන් සම්බන්ධයෙන් බස් රථ සේවකයින් සහ මගීන් දක්වන්නේ මෙවන් අදහසක්.

ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කළේ, අමතර කොටස් වර්ග 18 ක් සවි කිරීම සදහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා නිත්‍යානූකූලව අවසර ලබා දී ඇති බවයි.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙලෙස අදහස් පළ කළා.බස් වර්ජනය ගැන සාකච්ඡාවක අද
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top