මී උණ අසාදිත රෝගීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Tuesday, 07 January 2025 - 11:38 | Views - 276

මී උණ රෝගය නිසා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ රෝගීන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි කිලනොච්චිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය එන්. විනෝදන් සඳහන් කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ, කිලිනොච්චිය මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මුලංකාවිල් සහ කණ්ඩාවලෙයි ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවටයි වෛද්‍යවරයා පවසා සිටියේ.

ඔහු මේ බව සඳහන් කළේ, කිලිනොච්චිය ප්‍රාදේශීය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින්.

මේ අතර, වව්නියාව දිස්ත්‍රික්කයෙන් ද මී උණ රෝගීන් 50කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට වාර්ථා වී තිබෙනවා.

පසුගිය දිනයන්හි පැවති වැසි සහිත වූ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මී උණ රෝගයට අමතරව ඩෙංගු රෝගයද හිස ඒසවීමේ අවධානමක් පවතින බවටයි සෞඛ්‍ය නිලධාරීන් විසින් පෙන්වා දෙන්නේ.

මී උණ හා ඩෙංගු රෝගය පාලනය වෙනුවෙන් මේ වනවිට ග්‍රාමීය මට්ටමේ සිට වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති අතරම, ඕනෑම අයෙකුට උණක් හෝ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් ඇත්නම් ළඟම ඇති රෝහලට ගොස් පරික්ෂා කරගන්නා ලෙසටද උතුරේ සෞඛ්‍ය බලධාරීන් විසින් මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top