නිධන් වස්තු පිරවූ මුට්ටියක් සොයා ගිය කාන්තාවක ඇතුළු තිදෙනෙක් බහිරවයාගේ බලයට යටවෙලා..
Saturday, 04 January 2025 - 11:11 | Views - 369

අනුරාධපුර පූජා නගරයේ මිහිඳුපුර ප්‍රදේශයේ නිවසක, මුළුතැන්ගෙය තුළ අඩි 20ක් පමණ කැණීමක් සිදු කර නිධන් වස්තු පිරවූ මුට්ටියක් සොයමින් සිටි කාන්තාවක ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී පලා ගිය සැකකරුවකු සොයා විමර්ශන ක්‍රියාත්මක බවත් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර මිහිඳු පුර ප්‍රදේශයේ පදිංචි එම නිවසේ 61 හැවිරිදි කාන්තාව, කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයකු සහ හිදෝගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි.

එම සැකකාරිය සහ සැකකරුවන් එම නිවසේ අඩි 9 පමණ පළලට සහ අඩි 20කට ආසන්න ගැඹුරින් යුතුව වළක් හාරා එම කැණීම සිදු කර තිබූ බවත්, වැටලීම සිදු කරන අවස්ථාවේදී, එම කැණීම් වළ තුළ ජලය අඩි 15ක පමණ ප්‍රමාණයක් පිරී තිබූ බවත් සැකකරුවන් වතුර මෝටරයක් යොදා ගෙන එහි ජලය ඉවත් කරමින් සිටි බවත් පොලිසිය සඳහන් කළේය.

නිවසේ මුළුතැන්ගෙය තුළ පොළොව යට නිධන් වස්තු තැන්පත් කර ඇති මුට්ටියක් තිබෙන බවට ජ්‍යෝතිෂ්‍යවේදියකු විසින් එම නිවසේ සිටි කාන්තාවට පැවසීමෙන් අනතුරුව මෙම කැණීම ආරම්භ කර තිබූ බව පොලිසිය අනාවරණය කර ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී, ජලයේ ගිල්විය හැකි වතුර මෝටරයක්, අඩි 60ක් දිග වතුර බටයක්, වයර් රෝලක් සහ විදුලි පේනුවක්, උදලු, සවල්, බන්දේසියක්, මැටි පහන් ඇතුළු පූජා භාණ්ඩ සොයා ගත් බව ද පොලිසිය සඳහන් කළේය.

පලා ගිය සැකකරු සොයා විමර්ශන ආරම්භ කර ඇත. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top