ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනියකගේ ස්වාමිපුරුෂයා අබිරහස් ලෙස මියයයි
Friday, 03 January 2025 - 15:41 | Views - 496

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනි ශ්‍රියානි විජේසිංහගේ ස්වාමිපුරුෂයා දෙහිවල ප්‍රදේශයේ නිවසක වත්තක සිහිසුන්ව වැටී සිටියදී දෙහිවල පොලිසිය විසින් කළුබෝවිල රෝහලට භාරදී ඇති අතර, පසුව ඔහු මියගොස් තිබෙනවා.


තම ස්වාමිපුරුෂයාගේ මරණය අබිරහසක් බවත් ස්වාමිපුරුෂයාට කිසියම් පිරිසක් පහරදී මෙලෙස ඝාතන කරන්නට ඇතැයි තමන් සැක කරන බවත් මාධ්‍යවේදිනී ශ්‍රියාණි විජේසිංහ හිරු කළ විමසුමකදී සඳහන් කළා.

ව්‍යාපාරිකයෙකු වන ඔහු මෙම ජනවාරි පළමුදා රාත්‍රීයේ මිතුරන් කිහප දෙනෙකු හමු වීමට සිය දෙහිවල පිහිටි නිවසින් ගොස් ඇති අතර, පසුව ඔහු නැවත නිවසට එමින් සිටියදී අතර මග පිහිටි, හිටපු ගුවන් හමුදා නිලධාරියෙකුගේ නිවසක වත්තක මෙලෙස අබිරහස් ලෙස වැටී සිහිසුන්ව සිට තිබෙනවා.

දෙහිවල පොලිසිය සඳහන් කරන්නේ තමන්ට ලද පොලිස් හදිසි ඇමතුම් පණිවිඩයකට අනුව මෙම සිද්ධිය වාර්තා වෙන නිවාස වෙත ගිය බව යි.

එහිදී අදාළ පුද්ගලයා වත්තේ වැටී සිටි බවත්, ඔහුට අසූචි පිටවී තිබු බවත් දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළා.

ඉන්පසු පොලිසිය විසින් ගිලන් රථයක් ගෙන්වා එම පුද්ගයලා අලුයම් කාලයේ කළුබෝවිල රෝහලට භාරදුන් බවත් අදාළ පුද්ගලයාට පහරදීමක් කර තිබේදැයි සෙවීමට පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් ස්ථානාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

දේහය දැනට කළුබෝවිල රෝහලේ තැන්පත්කර ඇති අතර, මරණ පරීක්ෂණය අද(03) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top