ජීන් ඇන්ටිට මැර ප්‍රහාරයක්
Friday, 03 January 2025 - 9:02 | Views - 342
සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිනියක වන ජීන් ඇන්ටි ඊයේ (02) පෙරවරුවේ රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ පුද්ගලයින් දෙදෙනෙකු නිවසට පැන පහර දී තිබීම හේතුවෙන් බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, එම අවස්ථාවේ නිවසේ සිටි ඇයගේ සැමියාටද පහර දීමෙන් තුවාල සිදු වී තිබෙනවා.
මේ සම්බන්ධව රෝහල් පොලිසිය වෙත ද අදාළ ක්‍රියාකාරිනිය විසින් විශේෂ ප්‍රකාශයක් ලබා දී ඇති බවද සඳහන්.
කෙසේ වෙතත්, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
Share This Article