සුර් පිට වැඩකරලා , සැරයන් ගෙදර යවලා..
Thursday, 02 January 2025 - 14:19 | Views - 408

බීමතින් ජංගම සංචාර රාජකාරියේ යෙදුණු බව කියන පොලිස් සැරයන්වරයෙකු ඊයේ (01) අත්අඩංගුවට ගත් බව අගුලාන පොලිසිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, අගුලාන පොලිසියට අනුයුක්තව රාජකාරි කළ 51 හැවිරිදි පොලිස් සැරයන් වරයෙක් බවයි සඳහන් වන්නේ.
මෙම නිලධාරියා තවත් නිලධාරින් දෙදෙනකු භාරව , පොලිස් තිරෝද රථය සමඟ රාත්‍රී ජංගම සංචාර රාජකාරිය සඳහා ඊයේ රාත්‍රියේ යොදවා තිබෙනවා.
අනතුරුව එම තිරෝද රථය පොලිස් ස්ථානය ඉදිරිපිට නවතා තිබියදී අගුලාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට නිරීක්‍ෂණය වීමෙන් පසු ස්ථානාධිපතිවරයා තිරෝද රථය පරීක්ෂා කිරීමේදී සැකකාර සැරයන්වරයා බීමතින් තිරෝද රථය තුළ වැතිරී සිට ඇති අතර, ඔහුගේ නිල ඇඳුමේ සාක්කුවේ ඉතිරි වූ මත්පැන් සමඟ කාලේ බෝතලයක් තිබී හමුවී ඇති බව යි වැඩිදුරටත් පොලිසිය සඳහන් කළේ.
ඒ අනුව, නිලධාරීන් තිදෙනාම ලුණාව රෝහලේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොලිස් සැරයන්වරයා බීමතින් සිට ඇති බවට වාර්තා වී තිබෙනවා.
ඉන් අනතුරුව බීමතින් රාජකාරී කිරීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් , මේ පිළිබඳ වැඩිදුර විමර්ශන අගුලාන පොලිසිය මෙහෙයවනු ලබනවා.
Share This Article