'' බදු එලෙසමයි , මිල වෙනස වෙන්නේ නෑ.. '' මුදල් අමාත්‍යංශය
Thursday, 02 January 2025 - 9:59 | Views - 264
සහල්, පරිප්පු, සුදුලූණු, අර්තාපල්, ලොකු ලූණු, පොල්තෙල් ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම භාණ්ඩ 63 ක් සඳහා මෙතෙක් පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අනුප්‍රමාණ තවදුරටත් එලෙසින්ම පවත්වා ගැනිමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

මීට පෙර දෙසැම්බර් 31 වැනිදා දක්වා අදාළ බදු ක්‍රියාත්මක කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ අතර, ඒවා අඛණ්ඩව පවත්වා ගෙන යාමට අදාළව 2417/20 දරණ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති බවයි එම අමාත්‍යංශය පවසන්නේ.

ඒ අනුව, පැවති බදු අනුප්‍රමාණ එලෙසින්ම පවත්වා ගැනීම තුළින් පාරිභෝගික ජනතාවට භාණ්ඩ මිල ඉහළයාමක් සිදු නොවන බව මුදල් අමාත්‍යංශයේ අදහස බවද සඳහන්.

එසේම, දේශීය කෘෂි සහ ධීවර කර්මාන්ත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මේ යටතේ ක්‍රියාත්මක කරන ලද බදු අනුප්‍රමාණ ද වෙනස් වන්නේ නැහැ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top