ලක්ෂ 10ක මත්ද්‍රව්‍ය සැඟවූ කොස්සක් සමඟ කතක් මාට්ටු
Tuesday, 31 December 2024 - 15:34 | Views - 386

ප්ලාස්ටික් කොස්සක සඟවා රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට රැගෙන යාමට තැත්කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර උතුර පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් සැකකාරිය පානදුර, අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක්.

හෙරොයින්, අයිස්, හෂිස් සහ ඈෂ් මත්ද්‍රව්‍ය මෙලෙස ප්ලාස්ටික් කොස්සක සඟවා බන්ධනාගාරය තුළට යැවීමටයි ඇය උත්සාහ ගෙන තිබෙන්නේ.

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින සිය සැමියාට මේවා ලබා දීමට ඇය උත්සාහ ගෙන තිබෙනවා.

ඒ වෙනුවෙන් සිය සැමියා බැලීම සඳහා සැකකාරිය ඊයේ(30) දිනයේ ආහාර පාන රැගෙනවිත් ඒවා භාරදී තිබෙනවා.

මේ අතර සිර මැදිරිය ඇතුගෑම සඳහා බව පවසමින් ඇය ප්ලාස්ටික් කොස්සක් ගෙනවිත් දී ඇති බවයි වාර්තා වන්නේ.

එම කොස්ස පිළිබඳව වූ සැකය මත බන්ධනාගාර නිලධාරීන් පරීක්ෂා කිරීමේ දී සූක්ෂම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුළදී අධික මිලකට විකිණීම සඳහා ලබාදීමට රැගෙන විත් ඇති බව අනාවරණය වූ බවයි පැවසෙන්නේ.

එහිදී සැකකාර කාන්තාව මත්ද්‍රව්‍ය සමඟ කළුතර උතුර පොලිසියට භාර දී තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top