පොලිස් නාලිකාවටත් සයිබර් ප්‍රහාරයක්..
Tuesday, 31 December 2024 - 9:43 | Views - 314
ශ්‍රී ලංකා පොලිසියේ නිල යූ ටියුබ් නාලිකාවට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඒ අනුව, එහි පාලනය සම්පූර්ණයෙන්ම එහි පරිපාලකයින් අතින් ගිලිහී ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.
කෙසේ වෙතත්, යූ ටියුබ් නාලිකාවේ ප්‍රවේශය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් පවතින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article