ආහාර ප්‍රමාද වූ නිසා කසාදය නවත්වා වෙනත් තරුණියක් කරකාරයට ගත් මනාලයා
Monday, 30 December 2024 - 11:29 | Views - 291
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේහි පැවති විවාහ මංගල්‍ය උත්සවයක මනාලයෙකු ආහාර ප්‍රමාද වීම හේතුවෙන් හදිසියේම සිය විවාහය අවලංගු කර ඇති අතර, පසුව එදිනම ඔහු ඥාති සහෝදරියක සමඟ විවාහ වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්පසු මනාලිය සහ ඇයගේ පවුලේ අය පොලිසියට ගොස් පවසා ඇත්තේ, උත්සවය පැවැත්වීමට පැය කිහිපයකට පෙර ද ඔවුන් විසින් මනාලයාගේ පවුලට රුපියල් ලක්ෂ 1.5ක් ලබා දුන් බවයි.
මංගල උත්සවයේදී මනාලයාට ආහාර පිළිගැන්වීමේදී සුළු ප්‍රමාදයක් සිදු වූ බවයි මනාලිය පවසන්නේ.
එහිදී ඔහුගේ මිතුරන් ඔහුට විහිළු කළ පසු ඔහු කෝපයට පත් වී ඇති අතර, ඔහු සහ ඔහුගේ පවුලේ අය පසුවයි මනාලියගේ පවුලේ අයට සහ ඥාතීන්ට මෙසේ බැනවැදී තිබෙන්නේ.
ගමේ වැඩිහිටියන් ගැටලුව විසඳීමට මැදිහත් වීමට උත්සාහ කළ නමුත්, මනාලයා විවාහ වීම ප්‍රතික්ෂේප කර ඔහුගේ නිවසට ආපසු ගොස් තිබෙනවා.
මනාලියගේ පවුලේ අය කම්පනයෙන් පසුවන විට මනමාලයා එදිනම ඔහුගේ ඥාති සහෝදරියක් සමග විවාහ වූ බවටයි වාර්තා සඳහන් කරන්නේ.
Share This Article