ලංකාවට ආනයනය කරන කිසිම ජංගම දුරකතනයක් පරීක්ෂා කරන්නේ නෑ
Wednesday, 17 October 2018 - 9:50 | Views - 5,019
ශ්‍රී ලංකාවට ආනයනය කරන කිසිම ජංගම දුරකතනයක් භෞතික පරීක්ෂණයකට ලක්නොවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

ශ්‍රී ලංකාවට ආනයනය කරන ජංගම දුරකතන ලියකියවිලි අනුව පමණක් පරීක්ෂා කරන අතර එය කිසිම ආකාරයක විද්‍යුත් පරීක්ෂණ රසායනයාගාර පරීක්ෂාවකින් අහඹු ලෙස හො පරීක්ෂාවට ලක්නොකරන බව ආතර් සී ක්ලාක් නවීන තාක්ෂණය පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ, සන්නිවේදන ඉංජිනේරු කාවීන්ද්‍ර ජයවර්ධන සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවට වසරක් තුළ ලෝකයේ විවිධ රටවල නිශ්පාදිත ජංගම දුරකතන විශාල ප්‍රමාණයක් ආනයනය කරයි. මෙහිදී දුරකතන භාවිත කරන්නන්ගේ සෞඛ්‍යයට හානි නොවන බවට සහතිකයක් ලබාදීමත් එම දුරකතන රටට ආනයනය කිරීම සුදුසු බවත් සඳහන් කරමින් ශ්‍රී ලංකාවේ වගකිවයුතු ආනයන සහතික නිකුත් කළ යුතුව තිබේ.

එහෙත් එම ආයතනය නිශ්පාදකයන්, ආනයනකරුවන් හා ව්‍යාපාරිකයන් ඉදිරිපත් කන ලියවිලිවලට අනුව එම දුරකතන සුදුසු හෝ නුසුදුසු බවට තීරණය කරන බවත් කාවීන්ද්‍ර ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.

එසේ වුවත් මෙම දුරකතන භෞතික වශයෙන් රසායනාගාර පරීක්ෂාවකට ලක්කර සුදුසු නුසුදුසු බව සෙවිය යුතු වෙයි. ලෝකයේ වෙනත් රටවල මෙම ක්‍රමය අනුගමනය කළත් ශ්‍රී ලංකාවේ එවැන්නක් සිදුනොවන බවද කාවීන්ද්‍ර ජයවර්ධන ප්‍රකාශ කරයි.

මේ නිසා ප්‍රමිතියෙන් තොර බාල තත්ත්වයේ ජංගම දුරකතන ‘අනුමත කරන ලදී’ ලේබලය යටතේ වෙළඳපොළට පැමිණීමේ අවධානයක් ඇතැයි ක්ෂේත්‍රයේ විද්වත්හු ප්‍රකාශ කරති.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top