පැය 24ක් තුළ බීමත් රියදුරන් 401 දෙනෙකු අත්අඩංගුවට
Monday, 30 December 2024 - 9:08 | Views - 252
ගත වූ පැය 24ක කාලය තුළ බීමත් රියදුරන් 401 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, උත්සව සමයේ රථවාහන අනතුරු අවම කරගැනීමේ අරමුණින් සිදු කරනු ලබන විශේෂ මෙහෙයුමකින්.
අපරීක්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පැදීමට අදාළ රියදුරන් 53 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
වේගයෙන් රිය පැදවීම සම්බන්ධව රියදුරන් 48 දෙනෙකු, මාර්ග නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් රියදුරන් 1350ක්, බලපත්‍ර වැරදි සම්බන්ධයෙන් රියදුරන් 5351කට එරෛහිව ද නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි, පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.
Share This Article