ඔන්න සල්ලි වැටිලාලු... ලක්ශ ගණනකගේ බැංකු ගිණුම්වලට, ලැබුණු ප්රතිලාභය...
කියන්න යන්නේ අස්වැසුම සල්ලි ගැන බලාපොරොත්තුවෙන් හිටපු අයට සුබ ආරංචියක්.
අස්වැසුම ප්රතිලාභී පවුල් සඳහා ගෙවීමට ඇති හිඟ මුදල් ඊයේ සිට ලබාගත හැකි බව සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා.
අස්වැසුම සුබ සාධක ප්රතිලාභ ගෙවීම් යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ පවුල් 212,423 ක් සඳහා මෙතෙක් ගෙවීමට ඇති හිඟ මුදල් මෙලෙස බැංකු ගත කිරීමට පියවර ගෙන ඇති බව එහි සභාපති ජයන්ත විජේරත්න සදහන් කළේ.