මවගේ අනියම් ඇසුර දියණියගේ දිවි අහිමි කරයි... අනියම් පෙම දියණියට අත්කර දුන් ඛේදජනක ඉරණම...
Saturday, 28 December 2024 - 12:50 | Views - 162
මවගේ අනියම් සබඳතාවක ප්‍රතිඵලයක් ලෙස 13 හැවිරිදි දැරියකට දිවි අහිමිවීමේ පුවතක් පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

පෙරේදා දහවල් 1ට පමණ සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ පිළියන්දළ බෝකුන්දර දෙමහල් නිවසක උඩු මහලෙහි කුලී පදනම මත පදිංචිව සිටි දැරියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වූ බී.එම්. ඔෂාදී කෞශල්‍යා නමැති දැරියයි.

දැරිය මියගොස් ඇත්තේ සිය මව සහ අනියම් පෙම්වතා අතර ඇතිවූ බහින්බස්වීමකට මැදිහත් වී පිහි ප්‍රහාරයකට ලක්වීමෙන්.

මව දරුවන් දෙදෙනා සමග නිවසෙහි සිටින අවස්ථාවේ මව සමීප ඇසුරක් පවත්වන පුද්ගලයෙකු නිවසට පැමිණ ඇති අතර එම පුද්ගලයා අදාළ කාන්තාව සේවය කරන ආයතනයේම සේවය කරන අයෙකු බව පොලීසිය පවසනවා.

එලෙස පැමිණි පුද්ගලයා නිවසේ සිටි කාන්තාවට වෙනත් පුද්ගලයෙකු සමගද සමීප ඇසුරක් පවත්වන බවට චෝදනා කර ඇති අතර එහිදී දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව තිබෙනවා.

පසුව අදාළ පුද්ගලයා කාන්තාවට පිහි පහර කිහිපයක් එල්ල කර ඇති අතර මවට පිහිපහර එල්ලවෙද්දී දියණියන් දෙදෙනා එය වැළැක්වීමට මැදිහත්ව ඔවුන්ටද පිහි ප්‍රහාර එල්ලකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

තුවාල ලැබූ මව සහ දියණියන් දෙදෙනා රෝහල්ගත කර ඇති අතර බරපතළ තත්ත්වයේ පසුවූ 13 හැවිරිදි ඔෂාදී කෞශල්‍යා මියගොස් ඇති බව පොලිසිය සදහන් කළා.

පොලීසියට භාරවන බව පවසා පලාගිය සැකකරු මේ වනවිට අතුරුදහන් වී ඇති අතර ඔහු සොයා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විමර්ශනයක් අරඹා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top