බැඳීම් දස දහස් ගණනක් උදුරාගත් කුරිරු සුනාමි රළ පහරට අදට වසර 20යි..
Thursday, 26 December 2024 - 7:31 | Views - 444
ගෙවුණු ඉතිහාසයේ අපි අත් දුටු දරුණුම ස්වාභාවික විපත, ඒ මතකයට අදට හරියටම වසර 20ක්..

එදා නත්තලට පසු දිනයේ, බොහෝ මිනිසුන් විවේකීව කාලය ගත කලේ මෙවැනි අත්දැකීමක් ගැන සිහිනෙකින් වත් නොසිතායි..

තත්ත්පර කිහිපයකින් මිනිස් ජීවිත විශාල ප්‍රමාණයකට උන්හිටිතැන් සේම, ඇඳිවත පවා අහිමි කරමින් දරුණු සුනාමි රළ පහර ත්‍රිකුණාමලයෙන් මෙරටට ඇතුළු වෙන්නේ කිසිදා කිසිවෙකුත් අපේක්ෂා නොකළ ල්‍රෙසයි..
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව රිච්ටර් පරිමාණ 9.3 ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් හටගැනීමත් සමග පෙරවරු 9.30 ට පමණ වියරු වූ උදම් රළ වෙරළ ප්‍රදේශ රැසකට කඩා වැදුණේ පෙරදින උදා වූ නත්තලේ සිරිය විඳගනිමින් සිටි සියලු දෙනාටම දරාගත නොහැකි වේදනාවක් උරුමකර දෙමින්..

ඉතිහාසයේ විහාර මහා දේවිය සමයේ මුහුද ගොඩ ගැලූ බව පමණක් අසා ඇති, සුනාමිය කියන වචනය පවා අසා නොසිටි අපේ රටේ මිනිසුන් විශාල පිරිසක් උදම් රළට ගොදුරු වෙද්දී බොහෝ දෙනෙකුට මේ සිදුවන්නේ කුමක් දැයි පවා සිතාගැනීමට අපහසු වී තිබුණා..

පැය කීපයක් තුළ සිදුවූ මෙම ව්‍යසනයෙන් අහිංසක ජීවිත 35,000 ක් පමණ අකාලයේ විනාශ වී ගියේ රටම ශෝකයේ ගිල්වමින්..

අතුරුදන්වූ තවත් සැලකිය යුතු පිරිසක් පිළිබද තොරතුරු වාර්තා නොවූ අතර 516,150 දෙනෙකුට මේ ව්‍යසනය හේතුවෙන් උන්හිටිතැන් අහිමිවුණා..

2004 දෙසැම්බර් 26 වැනිදා ඉරිදා අලුයම 6.58 ට හටගත් භූමිකම්පාව හේතු කොටගෙන මහ සයුර ගොඩගැලීමෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව, මාලදිවයින හා බුරුමය යන රටවල් ද අප්‍රිකාවේ සෝමාලියාව යන රටවල්වලට දරුණු ලෙස හානි සිදු වුණා..

ලොවපුරා 225000කට වැඩි පිරිසකට ජීවිත තත්පර කිහිපයකදී අහිමි කිරීමට මේ චණ්ඩ රළ පහරට හැකියාවක් ලැබුණා.

එදින අඩි තිහක් උසට සුනාමි රළ ගොඩබිමට පැමිණි බවයි වාර්තා වෙන්නේ.

දරුවන්ට දෙමව්පියන්, දෙමව්පියන්ට දරුවන්, බිරින්දෑවරුන්ට ස්වාමිපුරුෂයින් මෙන්ම ස්වාමිපුරුෂයින්ට බිරින්දෑවරුන් අහිමි කළ මෙම ව්‍යසනයෙන් කිසිදා අමතක කළ නොහැකි වේදනාත්මක මතක ගොන්නක් ලාංකිකයින්ට ඉතිරි කළා.

ඉන් අමතක කළ නොහැකි දුක්බරම මතකය වෙන්නේ සුනාමියට ගොදුරක් වූ පැරෑලියේ දුම්රිය ව්‍යවසනය.

මෙම දුම්රිය ව්‍යසනය 2004 ශ්‍රී ලංකා සුනාමි-දුම්රිය ව්‍යසනය ලෙසයි හැඳින් වෙන්නේ.

මෙම ව්‍යසනය, ඉතිහාසයේ දුම්රියක් හා සම්බන්ධව සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව සහිත, සිදුවීම ලෙසද හැඳින්වෙනවා.

දෙසැම්බර් 26 වැනිදා උදෑසන 6:55 ට පමණ, සුපුරුදු පරිදි මෙම දුම්රිය කොළඹ කොටුව දුම්රිය නැවතුම්පළින් ගමන් ආරම්භ කළ අතර.ඒ අවස්ථාවේදී දුම්රිය තුල, ප්‍රවේශපත්‍ර සහිත මගීන් 1000-1500 අතර ප්‍රමාණයකුත්, ප්‍රවේශපත්‍ර රහිතව සිටි මගීන් නොදන්නා සංඛ්‍යාවකුත් සිටි බවයි සඳහන් වෙන්නේ.

කොළඹ සිට ගාල්ල දක්වා වූ නියමිත දුම්රිය ගමන් මග අතරතුර හමුවන, තෙල්වත්ත නැවතුම ආසන්නයේ පිහිටි පෑරලිය ග්‍රාමයේ ධාවනය වෙමින් පැවැති දුම්රිය වෙත සුනාමි රළ ගැටීම නිසා මෙම අනතුර සිදුවුණා.

කොළඹ දුම්රිය නැවතුම්පළින් පිටත් වූ දුම්රිය, උදෑසන 9:30 පමණ වන විට තෙල්වත්ත අසල, පෑරලිය ග්‍රාමය ඔස්සේ ධාවනය වෙමින් පැවතුණා.

එම අවස්ථාව වන විට ගලා ආ පළමු සුනාමි රළ, වෙරළ තීරය යටකරමින් ගොඩ බිම දෙසට ගලා ඒමන් දුම්රිය හාත්පසද වට කර ගැනීම නිසා, දුම්රිය ධාවනය නතර කරන කරනු ලැබුවා.

මුහුදු රළ ගැටුනද දුම්රිය, පීලි මත නිරුපද්‍රිතව පවතීවි යැයි එහි සිටි සිය ගණනක් වූ මගීන් බලාපොරොත්තු වූවත්, ඊළඟ මොහොතේ පැමිණි විශාල සුනාමි රළ, දුම්රිය මැදිරි සහ අවට තිබූ ගස්කොලන්, නිවාස ආදියටද දැඩි හානි සිදුකරමින් ජල පහර ඉදිරියට ගලා ගියා.

සුනාමි රළ පහර හේතුවෙන් ජලයෙන් පිරී ගොස් තිබූ දුම්රිය මැදිරි අටක සිටි පිරිස ඒ තුළම ගිලී මිය ගිය අතර, සමහරක් දෙනා ජල පහරේ ගසා ගෙන ආ සුන්බුන් වල ගැටීම නිසා ජීවිතක්ෂයට පත්වුණා.

මේ අවස්ථාවෙහි දුම්රියේ ගැටී තිබුණු සුනාමි රළ පහර, සාමාන්‍ය මුහුදු මට්ටමේ සිට මීටර 7.5 - 9 ත් පමණ උස් වූ රළ පහරක් බවයි පැවසෙන්නේ.

අනතුර නිසා පුද්ගලයන් 1,700 කට වඩා වැඩි පිරිසක් මිය ගිය අතර එම ප්‍රමාණය, ඊට පෙර දුම්රිය ඉතිහාසයේ වාර්ථා වී තුබූ වැඩිම මරණ සංඛ්‍යාව සහිත, 1981 වසරේ සිදුවූ බිහාර් දුම්රිය අනතුරේ මරණ සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක්.

මෙම අඳුරු මතකය මැදින් කෙමින් කෙමින් ශ්‍රී ලාංකිකයින් නැවත ශක්තිමත් වෙන්නේ නැවත කිසිදු දිනෙක මෙවැනි විපතක් මේ පින්බිමට අත් නොවේවා යන ප්‍රාර්ථනයත් සමඟින්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top