අලි බලන්නත් ඔන්ලයින් ටිකට්.. ඒ ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න..
Wednesday, 25 December 2024 - 17:20 | Views - 114
ගැටලුව නිසා මේ වෙනකොට බොහෝ දෙනෙක් පීඩාවට පත්වෙලා.. ඒත් මේ කියන්න යන්නේ ඒ ගැන ඇසෙන කතාවක් නම් නෙවෙයි..

කැමතිද ඔබත් පින්නවල යන්න.. එහෙනම් මේ ගැන දැනුවත් වෙන එක වැදගත් වේවි..

පින්නවල අලි සංරක්ෂනාගාරය නැරඹීම සඳහා බලාපොරොත්තු වෙන දෙස් විදෙස් සංචාරකයන්ට අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර මිලදි ගත හැකි බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂක ජනරාල් රංජන් මාරසිංහ පවසනවා..

ඒ අනුව හෙට 26 සිට එය ක්‍රියාත්මක වන බවයි ඔහු පැවසුවේ..

පින්නවල එළිමහන් සත්වෝද්‍යානයට ගෙන එන ලද බෙංගාලි කොටි දෙදෙනකු මහජන ප්‍රදර්ශනය සඳහා යොමු කිරීම නිරීක්ෂනයට අද (25) එක්වෙමින් අධ්‍යක්ෂක ජනරාල්වරයා මේ බව සඳහන් කළා..

එමෙන්ම ඔහු සඳහන් කළේ QR කේතය භාවිතා කිරීම සහ බැංකු කාඩ්පත් මගින් ප්‍රවේශ පත්‍ර මිලට ගැනීමේ හැකියාවද පවතින බවයි..

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සත්වෝද්‍යාන අධ්‍යක්ෂක ජනරාල් රංජන් මාරසිංහ,
''වත්මන් රජයේ ඩිජිටල් කරන වැඩ සටහනට සමගාමීව මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට අප කටයුතු කළා. ඒ අනුව හෙට 26 දා සිට පින්නවල එළිමහන් සත්වෝද්‍යානය හා මේ ප්‍රවේශපත්‍ර ඉදිරි මාස තුනක කාලයක් සඳහා වෙන්කර ගැනීමේ හැකියාව පවතිනවා..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top