ප්‍රසාද දීමනා බලා සිටි රාජ්‍ය සේවක ඔබට සුබ පණිවිඩයක්..
ඇත්තටම මේක නම් ඔවුන්ට සුබ පණිවිඩයක් වේවි.. ඉතින් මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි..
රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලයට 2024 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීමට අදාළ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.. ඒ මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින්..
ඒ අනුව සියලු අමාත්‍යංශ ලේකම්වරුන් රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සභාපතිවරුන් වෙත මේ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා..
එම චක්‍රලේඛය මගින් මෙම වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීම සිදුකළ යුතු ආකාරය පිළිබදව නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විසින් අදාල පාර්ශ්ව වෙත මෙය ලබාදී තිබුණා..
කෙසේ වෙතත්, ප්‍රසාද දීමනා ලබා දීමේ දී අනුගමනය කළ යුතු පිළිවෙළ ද එම චක්‍රලේඛය මගින් භාණ්ඩාගාර ලේකම්වරයා පැහැදිලි කර තිබුණා..