ලාංකීය කලාවට නොමැකෙන මතක රැසක් එක්කළ ප්‍රවීණ කලාකරුවෙක් දිවිසැරිය නිම කරයි..
Tuesday, 24 December 2024 - 11:27 | Views - 362
කියන්න යන්නේ තවත් ප්‍රවීණ ගායකයෙකු ගැන ඇසෙන සංවේදී පුවතක්.. ඔහු ලාංකීය ගීත ක්ෂේත්‍රයේ නොමැකෙන මතක දහස් ගණනක් ඉතිරි කළ කලාකරුවෙක්.. 

ඒ විතරක් නෙවෙයි, අදටත්, හෙටටත් මතුවටත් ඔහුගේ ගීත සදා අමරණීය වේවි..

ප්‍රවීණ ගායක ප්‍රියා සූරියසේන මහතා අද අභාවප්‍රාප්ත වී තිබෙනවා... කලක් රෝගාතුරව සිටි ඔහු මියයන විට 80 වැනි වියෙහි පසු වුණා... ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බවයි පවුලේ ආරංචි මාර්ග පැවසුවේ..

චිත්‍රපට පසුබිම් ගායකයෙක් ලෙස "හරියනකොට ඔහොම තමයි" චිත්‍රපටය හරහා සිනමා ගීත ගායනයට පිවිසෙන ඔහු, "සෙලීනගේ වලව්ව", "මල් කැකුළු", "සිකුරු දසාව" සහ "ඈතිත් ඈතට" වැනි චිත්‍රපට කිහිපයකටම ගීත ගායනයෙන් දායක වී තිබෙනවා..

මෙම ගීත අතරින් "ඈතින් ඈතට" චිත්‍රපටය සඳහා මිල්ටන් මල්ලවාරච්චි සමග ගැයූ "කැන්ඳන් යන්නම් රන් මල් මාලා දාලා" ගීතය හරහා ඔහු අතිශය ජනාදරයට පත් වුණා..

මේ අතර ඔහු ගායනා කළ ගී අතරින්, "මට වාසනා", "මගේ ළමැද සුව යහනක්", "රටකින් එහා", "ඇසුරින් මිදීලා", "ඈත රන් විමන්", "ආදරණීය නේරංජනා", මගෙ සමරුම් පොතේ", "හිරු ද මුවාවි", " සුදු පරෙවි රෑන සේ", "සඳ තාරකා හඬාවි", "ලිහිනින් රෑන පියාසලන්නේ", "අඳුර අඳුර මගේ", "හෙට දවසේ අප දෙදෙනා" වැනි ගීත ප්‍රේක්ෂක ආදරය වැඩි වශයෙන් දිනා ගත් ඒවායි..

1952 ඔක්තෝබර් 27 වැනි දා නාත්තන්ඩිය ප්‍රදේශයේ උපත ලද ඔහුගේ පියා වන එම්එල් ඩී ජෙමිස් ලියනගේ කවියෙක්..

තිදෙනෙකුගෙන් යුත් පවුලක එකම පුත්‍රයා වූ ඔහු නාත්තන්ඩිය ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර පුත්තලම දිස්ත්‍රික්කයේ මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලයෙන් ඔහු ද්විතියික අධ්‍යාපනය හදාරා තිබෙනවා..

උසස් පෙළ විභාගයෙන් පසුව ‘හේවුඩ්’ රජයේ සංගීත විද්‍යාලයෙන් පවත්වන බාහිර විභාගවලට පෙනී සිටි ඔහු, සංගීතය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ගත්තා..

අනතුරුව 1971 වසරේ දී කැලණිය ගුරුකුල විද්‍යාලයේ සංගීත ගුරුවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු අනතුරුව කළුබෝවිල විද්‍යාලයේ සංගීත ගුරුවරයා ලෙස වැඩ බාර ගනු ලැබුවා..
.
පසුව දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කිරීමෙන් පසු වසර 10ක සිය ගුරු වෘත්තිය නිම කළ අතර ඉන් පසු ඔහු වෘත්තිය ගායකයෙකු ලෙස කටයුතු කළා..

ප්‍රියදර්ශ සූරියසේන ලියනගේ නම් ඔහු පසුව 'ප්‍රියා සූරියසේන' ලෙසින් සිය නම කෙටි කර ගත් අතර, විජය රාමනායකගේ තරංගා ලේබලය යටතේ සිය පළමු කැසට් පටය නිකුත් කළා..

ඔහුගේ දේහය සම්බන්ධයෙන් වන අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ලබන බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ..


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top