"එපා කියද්දී රේල් පාර මැද්දට වෙලා සෙල්ෆි ගගහා හිටියේ" "දැන් වරෙන් උඩට කිව්වා...ඒත් ආවේ නෑ" - සෙල්ෆියක් ගන්න ගිහින් යකඩ යකාට බිළිවූ මව සහ දියණිය... (Video)
Monday, 23 December 2024 - 12:44 | Views - 395

අනුරාධපුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය මවක් සහ දියණියක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අවාසනාවන්ත සිදුවීමක් ඊයේ වාර්තා වුණා.


අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තයිකොණ්ඩු තරගාවලියක් සඳහා සහභාගී වීමට රත්නපුරයේ සිට පැමිණි මවක් සහ දියණියක් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපා තිබුනා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 18ක් වයස ඇති දැරියක් හා අවුරුදු 38ක පමණ ඇති වයසක මවක් බව පොලීසිය පවසනවා.

ඔවුන් දෙදෙනා සෙල්ෆි ඡායාරූපයක් ලබාගමින් සිටියදී කංකසංතුරේ සිට කොළඹ දක්වා ධාවන වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී තිබෙනවා. 

එම සෙල්ෆි ඡායාරූපය ගැනීමේදී ඔවුන් සමග පැමිණි තවත් දරුවෙකුට සිට තිබෙනවා.  






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top