අද සිට දිවයින පුරා විශේෂ රථවාහන මෙහෙයුමක්
Monday, 23 December 2024 - 9:13 | Views - 230

එළඹෙන උත්සව සමයට සමගාමීව මගී බස්රථ ඇතුළු රථ වාහන පරීක්ෂා කිරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් අද(23) සිට දිවයින පුරා ක්‍රියාත්මකයි.

පසුගිය දිනවල මගී ප්‍රවාහන බස්රථ ඇතුළු වාහනවලන් සිදුවූ රිය අනතුරු සැලකිල්ලට ගනිමිනුයි මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් ලබා දී ඇත්තේ.

මෙහිදී ප්‍රධාන වශයෙන් මගී ප්‍රවාහන බස්රථ පරීක්ෂා කිරීමක් සිදුකෙරන අතර රියැදුරන් මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නේද යන්න එහිදී සොයා බැ‍ලෙනවා.

එමෙන්ම, අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම, මාර්ග නීති උල්ලංඝනය කරමින් රිය ධාවනය කිරීම, ධාවනය නුසුදුසු තත්ත්වයේ වාහන ධාවනය කිරීම ඇතුළු අනතුරුදායක තත්ත්වයෙන් රිය ධාවනය කරන පුද්ගලයන් ද පරීක්ෂා කිරීම සිදු කිරිමට නියමිතයි.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරන කාල සීමාව තුළදී අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කරනු ලබන රියැදුරන් සම්බන්ධයෙන් 119 සහ 1997 යන කෙටි දුරකතන අංකවලට තොරතුරු ලබාදිය හැකියි.

එමෙන්ම, මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් හෝ අනෙකුත් වැරදි සම්බන්ධයෙන් වීඩියෝ පට ඇත්නම් ඒවාද වට්ස්ඇප් මගින් එවීමේ හැකියාව පවතිනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top