ලේඛක කසුන් මහේන්ද්‍රව අත්අඩංගුවට ගැනීමට අදාළව පොලිසියේ තිදෙනෙකුට තාවකාලික ස්ථාන මාරුවීම්
Monday, 23 December 2024 - 8:10 | Views - 296
ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල තම නිවස ඉදිරිපිට වෙළෙඳසැලකට යමින් සිටියදී හැදුනුම්පත සන්තකයේ නොමැතිවීමෙන් අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි වීම මත අතුරුගිරිය පොලිසිය විසින් පසුගිය (21) අත්අඩංගුවට ගනු ලැබුවා.
එහිදී ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව උපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් තිදෙනෙකු තාවකාලික ස්ථාන මාරුවීම් සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කළේ.
ඒ අනුව, අතුරුගිරිය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ස්ථානාධිපතිවරයා හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙලෙස තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත මාරුකර තිබෙනවා.
කසුන් මහේන්ද්‍ර හීනටිගල විසින් පොලිස් මූලස්ථාන සහන මැදිරියට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකට අදාළව මෙම ස්ථාන මාරුවීම් සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
Share This Article